Sunday, May 13, 2012

බොහෝ දුර ඇමතුම...

බොහෝ දුර ඇමතුමක,
එහා කෙළවර රැඳුන...
දොඩමලු මුවින් නිතර,
ආ ගිය කතා කියන...

සුවදුක් අදත් අසන,
සුපුරුදු සියොත් හඬින...
කැදැල්ලක කූඩුවෙන,
හෙටට අද දින ගනින..

කිරිල්ලක් ලඟ නැතිද?
හෙමිහිට මගෙන් අසන...
ගිලගෙන හිතෙන් ගැයුන,
පිළිතුර හිඳිම් ඉතින.. 

"සුදු හාමිනේ"..
හිනැහෙමි පුරුදු ලෙසින...
නොකියා කිසිත් සිතුන
...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...