Wednesday, June 13, 2018

වැළපෙන්නිය


මරීයා* නම් ඔබය
ස්වර්ගයේ දොර වැසුණ
සදාකල් මෙලොව
පරලොව අතර සිරකෙරුණ
නොනවතින වැළපුමක
ඉඳහිටක ඉකිගැසුන
කාලයේ ඉම තෙක්ම
ඇවිද යනු! අණ ලැබුන


ලිහීඑන සළුව ඇඳ
දරු දරාගෙන යනෙන
හඬා බිහිසුණු හඬින්
අංකිරට පැන දුවන
සාපලත් පරපුරට
තාම දිවි දොස් ගෙනන
ලිහිණි හෙළ පතුලෙ ඉඳ
අඬගසන හඬ අසන


ඔබේ සොයුරියෝ වෙති
එක කුසක නොඉපදුන
ලොවෙහි දෙකොණක උවද
එකම කොණ උරුම වුන


(* La Lorona නොහොත්  වැළපෙන්නිය යනු මෙක්සිකානු පුරාවෘතයකි.
සිය සැමියා විසින් රවටනු ලැබීම නිසා උපන් මහත් සිත්වේදනාවෙන්  දරු දෙදෙන
ගඟකට විසිකර තමන්ද එහිම පැන දිවි තොර කරගත් මරීයා නම් දුගී තරුණියක
ඉනික්බිති අවතාරයක් ලෙස වැළපෙමින් ඇවිදින බව එහි සවිස්තරය.
දරුවන් සොයා ඇවිදින ඇගේ වැළපුම් හඬ අසන්නට ලැබුනහොත් මහා ඛේදවාචකයක්
අතළඟ බව මෙක්සිකානුවෝ අදහති )

සිතුවම - Juana Alicia 



1 comment:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_82.html

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...