Wednesday, June 13, 2018

ගෝලයාගේ කවිය


නවා දණ වඳින විට පිටත් වී යන වෙලේ
කතා නැති ගුරු තරුව බොඳවුනා කරුවලේ
නොපා අත කිසිවෙකුට දිවි සටන දිනු වෙලේ
එපා හිත හූරන්ඩ ඇයි එහෙම මට කලේ


ඉස්සරහ පේලි වල හිටි දුවන පන්තියේ
අස්සයින් දුර ගියා සිප්ලැබූ සන්දියේ
මාළුවෝ මං වගේ කකුල් නැති ගැංසියේ
පීනන්ඩ පුරුදුවුනෙ තනියෙමයි හංදියේ


නොයෙක් හණගැසූ දඬුමොණර වල තටුගසන
කොතෙක් අය පැමිණේද දාර හොට බිම ඇණුන
උනුත් ඔය වගේමයි ඇඳුනුවත් නොහඳුනන
මජං ඔය හැටි විසද මචං කියපං ඉතින


ගෝල-ගෝලයින් මිස ග්‍රීස්මෙත් ටයි බඳින
පොතේ නැති විදියකට හිතේ හැටියට හිඳින
අපේ ජීවිත එකම අපායක් ලෙස දකින
දිසාපාමොක් මොටද කරේ හණමිටි දරන

1 comment:

  1. කොළඹ් යුගයේ කයියක් වගේ.
    පට්ටයි මචන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...