Thursday, March 1, 2018

අං පාර


හැම රෑම හීනෙකින් - කර ඇඹෙන හැටි දකින
කඩුලු කඹ කඩාගෙන - පනින ඇන ඇන දුවන
හති වැටී නතරවී - හණගැසූ තැන කසන
අං පාර (නො)වැරදුන - බෝ හිසින ලේ ගලන  

කුළුණු කලු වලාකුළු දුමට ඉහළින් නැගුන
හිස්කරත් මුදු බරැති හැඟුම් පොදි ලෙහි රැඳුන
වියරු ඇස ගැටුනු කල වන වදුල තෙත හිඳුන
හලයි ගිනි අඟුරු යලි ගෙයි උඳුන්වල රැකුන


2 comments:

Related Posts Plugin for WordPress, Blogger...