Thursday, May 8, 2014

සඳ පැමිණි සඳ



සඳ පැමිණි සඳ ,අවසන 
මහළු ව තිබුනි අරුණ
සවස මැදිවියේ පසුවින
හෙන්දිරික්කා මුහුණු වැහැරුණ

හොඳටෝම යෞවන,
කඩුපුලක් කටපුරා හිනැහින
සඳ බිඳක් තොල අගක දිළිසුන
සඳ ඇඟිලි තුඩු වලින් එසැවින
"හරි රහයි" 
නොදැනීම කෙඳිරින

ඒ හඬට නිදි ඉරට ඇහැරින
ඉරිසියාවෙන් රතට ඇවිළින 
වෙලාවට කලින් වෙනදට එන 
කබ පිටින් කඳු මතින් එසැවින

4 comments:

  1. ඉරිසියාකාරයෙක් නේද? 

    අපුරුයි ඇත්තටම හිනා ගියා ඔබ මවපු ආකාරය දැක්කම.. කන්ද උඩින් කලබලේ කබ පිටින් එන හැටි මට මැවිල පෙනුනා... ජය වේවා

    ReplyDelete
  2. නියමයි අය්යේ කාලෙකින් කවියක් දැක්කේ දැන් ඉතින් ඔයගේ කවි බලන්න තො‍ටුපල ලගට ගිහිල්ල බැහැනේ. මෙහෙටම එන්න ඔනෙනේ

    ReplyDelete
  3. ස්තුතියි හැමෝටම . තොටුපොළට යමක් එවන්නයි ඉන්නේ ...! බලමුකෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...