Tuesday, February 25, 2014

ඉරුණු අහස..

අතොරක් නැතිව ම මල්ටි බැරල් ගහනකොට අපි දැක්කේ කැඩෙන හැටි නාඹර තල් කරටි විතරයි .. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. ඇවිදින බෝම්බ ඇවිදින් බ්ලාස්ට් කරගත්තාම අපි දැක්කේ ඉහිරිච්ච ඔළු, අත්, කකුල් විතරයි.. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. "දේවෝ වස්සතු කාලෙන" පිකර් කටින් කිව්වට වස්සන්ඩ වතුර ටික කොහේ එකතු කරන්ඩ ද ඔය හිල් වෙච්ච අහසේ දෙවියෝ උනත් දැන් අසරණයි ! මේ නියං කරදර අකල් වැහි ඒකයි මහන්නට හදුවොතින් දැන් ඔය ඉරුණු තැන් ටික අයෙමත් තුවාලේ අලුත් වෙනවා තමයි .. ඒ වුනත් ආකහේ හූල්ලන එකවත් නවතියි ...!

2 comments:

  1. මට නං තාම අවුරුදු අනේ...

    ReplyDelete
  2. අහස ඉතින් හැමදාම හූල්ලනවානෙ.ඒක සදාතනික මිසක් නවතින එකක් නැහැ............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...