Sunday, February 9, 2014

ඇවිත් යන්න..

සතුට යනු කුමක් දැයි 
හරියටම දැනගන්න 
ඉගිල 'ඒ' මායිමෙන් 
සරසවිය වෙත එන්න...
පිනි වැටෙන සැඳෑවක
පටු මඟක ඇවිද ගොස්
රොබරෝසියා මලක්
සීරුවට සිපගන්න...

ජීවිතය කුමක් දැයි
හරියටම දැනගන්න 
රළු පොළොව මත කෙලින්
දිගු ගමන අරඹන්න...
හති දැනුනු, පය රිදුනු
ඇද වැටුනු වෙලාවට
සහෝදර අත් පහුරු
වෙලෙනයුරු දැකගන්න...

වියෝ දුක කුමක් දැයි
හරියටම දැනගන්න
මේ සොඳුරු බිම් පෙදෙස
හැර යන්න සැරසෙන්න...
ගලහ හංදිය ලඟදි
මතු දාක හෙලනු වස් 
හන්තාන තරම් බර 
සුසුමක් අරන් යන්න...

2 comments:

  1. හරිම ලස්සන නිර්මාණයක්.......සරසවියට ආයෙමත් පය තිව්වා වගේ දැනෙනවා

    සුබ පැතුම් ඔබට...................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...