Saturday, August 17, 2013

ලිහිණියෙකුගේ මරණය



වතුර පොදටත් තිබුණු අයිතිය නොහිතු දවසක ඇහිරුණේ 
තැවුණු අසරණ ලිහිණි සෙනඟක් දිය සොයා ගෙන ඉගිලුනේ 
අණට කීකරු තුවක්කුවකට ඉලක්කය නැත වැරදුණේ 
රුධිරයෙන් පස රතට හරවා තුරුණු පපුවකි නැවතුනේ 

උරාගෙන උණු රුහිරු පොළොවට එතැන බිජුවකි පැළවුණේ 
හිනාවෙනු ඇත මලක් මතු කර හෙට අපට අමතක දිනේ 

1 comment:

  1. රළ පෙළ කපා එනවා නැව්, නැව් තොටට
    ඒ නැව් පුරා ගෙන එනවා කිරි පුතුට
    ඒ කිරි උතුරවයි නව ගත් තේ ගමට
    කිරි පිඬු පුදයි නානා අද ලොකු නමට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...