Thursday, January 3, 2013

බැරිද, මට වෙඩි තියන්න?

අනුකම්පා විරහිත
අවසාන වෙඩිල්ලද පත්තු කර
නිසල වන තෙක් කල් මරා
සැනසිල්ලේ ආපසු හැරුණු කල..

ඊළඟ අඩිය,
තබන්නට තිබු තැන,
හදිසියෙම යළි ඉපිද,
ළදරු අතපය සොලවමින් සිටි
ආදරය.. ආයෙම දැක, 

කලකිරුණු මනැසින්,
කොකා ගස්සා ගතිමි
හදවතට එල්ලකොට..

අමතකව,
අවසන් බව,
පතොරොම් සියල්ල..

බැරිද කාටහරි
මට වෙඩි තියන්න?






5 comments:

  1. මල් හී සරකින්ද?

    ReplyDelete
  2. හිස් චේච්ච් පිස්තොලේ
    ලග රත් වු හිස් පතුරොම්
    කොපුව
    සීතල වෙලා
    පා මුල
    අසරණයි පිස්තොලේ
    උන්ඩ නැති නිසා
    අසරණයි
    හිස් පතොරොම කොපුව
    ගිනි ගත් වෙඩි බෙහෙත් නැති නිසා....................
    අසරණයි ....
    ආදරය...එම තැනම මියදිලා
    (මල් වඩම් අනවශ්‍යයි)

    ReplyDelete
  3. වෙඩි තබා නසන්නට
    නොහැකි වූ ඒ හැගුම
    නසන්නට හැකි වේද
    වෙඩි තබා ගත් සැනින???

    ReplyDelete
  4. ආයෙමත් මං අහන්නෙ,,,

    බැරිද කාටහරි
    මට වෙඩි තියන්න?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...