Tuesday, January 1, 2013

මැකෙන්නට පෙර ලියා තබමි !!!

ලියනවා මම කවියක්
කවදාවත් නොලියපු..
සමහර විට,
කවදාවත් නොලියවෙන
ආයෙම....

ඒ අනපේක්ෂිත
අත්දැකීමෙන්,
ගල් ගැහුනු හිත
වත්තන් කරගෙන
කොහොමහරිම,

 ඉවරයක් නැති බව 
දැන දැනත්,
ලියන්නම ඔනෙ මට,
දැන්මම...

 මේ පාට
දියවෙලා,
හිස් වෙන්න පළමුව
සේරම...ආයෙම...

මැකෙන්නට කලියෙන්
මගෙ ඇස් වලින්
මාව!!!!

6 comments:

  1. පාට දියවෙන්න කලින්......
    අපුරුයි මලයා නිර්මාණය

    ReplyDelete
  2. ස්තූතියි අයියා!!!

    ReplyDelete
  3. ලස්සනයි අයියේ...

    ReplyDelete
  4. ස්තූතියි නංගි!!!

    ReplyDelete
  5. මැකෙන්නට කලියෙන්
    මගෙ ඇස් වලින්
    මාවම!!!!

    අපූරුයි අයියේ..හැම කවියක්ම රහයි...

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි!! :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...