Saturday, August 4, 2012

ඒ වගේ කවියක්..


ඒ වගේ කවියක්
ලියනු හැකි වී නම්
හෙළනු හැක හෙට වුනත් 
අවසාන හුස්ම රැල..
මියෙනු හැක නිදහසේ,
සිතයි හැම කවියෙක්...

ලියා නැති සිය අතින් කිසිවෙක්
ලියන හැම විටම අන් කිසිවෙක්

අර වගේ
මේ වගේ
ඒ වගේ
කවියක්

ලියා ගන්නට පතයි
සිතයි හැම කවියෙක්

3 comments:

  1. හැමදාම වගේ ලස්සන කවියක්..

    ReplyDelete
  2. :) ලස්සනයි යාලු :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...