Sunday, August 19, 2012

අකුරු සහ අපි..

ඇදයකින් ඇද කෙරුන
ඉස් පිලි හිසට වැටුන
පා පිල්ල පය ගැටුන
ඇල පිලි ඇඟට ඇළුන

වෙනස ඉවසා යසට
අදත් හිටගෙන එකට
හිඳිත් හැම එක පෙළට
මවත් පදරුත් රසට

නොරිසි කල දුරස් වුව
අවැසි තැන සමීපව
අමතක නොකර තවම
එකම හෝඩියක බව

හිනාවෙනු මම දුටිමි
අකුරු, කියවන අපට

7 comments:

  1. ලස්සනයි යාලු අර්ථවත් ජය ..............

    ReplyDelete
  2. [im]http://1.bp.blogspot.com/-4C6herjWSeE/T3EcksvvbaI/AAAAAAAAAKY/IfmtbvB7I0A/s1600/Thank-you-note.jpg[/im]

    ReplyDelete
  3. නියමයි.ඔයා හරි නිර්මාණාත්මකයි වගේ

    ReplyDelete
  4. හ්ම්ම්..හරිම අපුරුයි යාලු :)

    ReplyDelete
  5. ස්තූතියි!!! හැමෝටම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...