Monday, November 20, 2017

වියත්-මං


වියතක් පළල මංපෙත
වියතක් දුරද නොපෙනෙන
ඇවැතක් පවා නොතකන
පිරිසක් තබති පියවර

අඳුරෙන් අඳුර වෙතටම 
අඩියෙන් අඩිය පිවිසෙන
පසුපස නොසිට පසුකර
අනෙකෙක් යතත් ඔරවන

අහසක් උසැති මිනිසුන්
මහ මං තනනු වෙහෙසෙන
වියතක් නූස් ‘වියතුන්’
පටුමං වෙතම පිවිසෙන

(Oil Painting by Karen Luke)


1 comment:

  1. මොකෝ ඩොක් කේස් එක.. කව්රු හරි බයිලාවක් ගැහැව්වද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...