Saturday, September 20, 2014

අසංක්ෂිප්ත අත්පිටපතකින් කොටසක් !!!



සුබ පැතුමකට පුළුවන් ද 
සුව කරන්නට රිදුමක් 
ඇද අකුරකට නැති වෙයි ද 
ඇස පිසින්නට වරමක් 
තරු ඇබින්දකට පුළුවන් ද 
විනිවිදින්නට කළුවක් 
රෑ ගෙවෙන්නෙ ම නැති වෙයි ද 
හිත හදයි ලොකු බොරුවක් 

නග්න පය වැද පෙරලී 
භග්න වුනු හද බඳුනක් 
ලස්සන ම මල් අහුරක් !
ඒ, කල් ඉකුත්වුණු පැතුමක් 
ඇත්ත ..... මම වැරදියි 
අමතක වුණා මොහොතක් 
'ආදරේ' කියන්නෙ ම 
ඉරිසියාබර ගණුදෙනුවක් 

අත්මිදෙන්නට බැරිකම 
අත්දැකීමෙ ම කොටසක් 
අත් ඇලුන හැටි දැක්කම 
අත්තලයි පණ අදින පපුවත්  
අත්සන තියන දවසට 
අත් ඇරෙයි එක නමක් කොහොමත් 
අතින් ගත් රළු සුමුදු එ දෙඅත්  
අනවසරයෙන් ඉඹිමි තාමත් ! 

  


4 comments:

  1. ඉටැලික් ග්‍රීක්..

    ReplyDelete
  2. ග්රීක් ඉටැලීක් !

    ReplyDelete
  3. අත්තලයි///
    මේ කියන්නෙ මොකද්ද ප්‍රසාද්....
    අපුරුයි කවිය...
    ජයවේවා

    ReplyDelete
  4. මහේෂ් , අත්පොළොසන් දෙනවා කියන අදහසිනුයි ඒ වචනේ පාවිච්චි කලේ .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...