Saturday, August 23, 2014

සිසිරයේ පළමු සන්ධ්‍යාව...

                                 Pix by Manjula Wediwardhana

අකාලේ ඇස් ඇරිය 
සුසුදු ටියුලිප් මලක් 
මිදී නටුවෙන් , මිදුණු 
පොළොව මත දණගසයි 

කැරලි ගැහි ගැහි අවුත් 
කැලරි දියකර දමන 
උකු හුළඟ, තැටිය මත 
කුසගින්න කොතගසයි 

පුරුදු තැන වකුටුවුණු 
නකුටු තනි මකන්නා 
නිහඬ කර නිහඬ බව 
වැරෙන් කන්පට ගසයි 

පත්‍ර ගලවා දැමූ 
නග්න මේපල් තුරක් 
තුරුණු හිම වැස්සකට 
ආයෙමත් අඬගසයි ..! 


3 comments:

  1. ලස්සනයි..

    ReplyDelete
  2. පට්ට ඈ....
    ඇත්තටමඅපූරු කවියක්...

    ReplyDelete
  3. ස්තුතියි ඇනෝ , මහේෂ් !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...