Monday, June 13, 2011

මෙරු ඇවිත්...


තටු දුන්න පොළව අතහැර
උඩයන්න ඇදෙන මෙරු රැල
නවතන්න ලිහිණි තුඩු හැර
පියඹන්න එන්න සුමිතුර

පිනට ලබුනු තටු දිග හැර
වියරු ලෙස නගන පෙළහර
කරනු උන් ගමන කෙළවර
නුඹට තව කුමට අවසර

1 comment:

  1. පිනට ලදද තටුවල තෙද අඩුවෙද
    පොලවෙහි සිටිය කල කිම් සෙප හිමි වෙද
    මහ වෙස්සකට පසු ලද තටු කොහිලාද
    ඉගිල ගොසින් මරු දුටුවත් මදි‍ෙවීද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...