සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Wednesday, January 16, 2013
ඊට පස්සේ..
ලඟදි දවසක
ඔබ මට කියූ විලසට,
හිතේ ඉතිරිව තිබූ
අවසාන සුසුම ද
හෙලා හිස් අවකාශයට..
හිස් වූ හිතින් යුතුව
නිරායාසෙන් හෙලූ
පලමු හිස් බැල්මට..
ඉහට ඉහලින්
ඇස් පුරා දිස්විය,
ඉබාගාතේ යන
වළාකුළු කෑල්ලක්වත් නැති,
නිලට නිලේ
හිස් අහස!!
Monday, January 14, 2013
යුක්තිය උදෙසා..
නොපනත්කමේ බිජුවට බිම පැළ කරලා
වංචා වතුර ,හොර බොරු පොහොරට දමලා
උස් කල තුරෙහි සුවඳැති යුක්තිය පිපිලා
එන තුරු තප්පුලමු ගහ පාමුල රැකලා
Thursday, January 10, 2013
සිඳ දැමූ මල් කැකුල ..
කග පතත්
දිළිසෙන්නැති
ඉවසන්න බැරි
දුකෙන්..
ඒ ගිනිගත් කනිසමේ,
වැලි කතර මැද
නටුවෙන්ම සිඳ දැමූ,
අහිංසක මල් කැකුල
යන්තමින් වත්
නොදැක..
අණ දුන්නු දෙවියන්
අහක බලනවා දැක..
Tuesday, January 8, 2013
හුළං
ජනේලය ඇරි විගස
මීදුමත් එක්කම
කාමරය අස්සට
හැමදාම වගේ රිංගන
අරුණු සුළඟෙහි
අදත් නැති හැටි
යන්තමින් වත් තැවරී,
ඇහැරුණු මලෙක
පැහැබර සුවඳ..
Sunday, January 6, 2013
හඳක වෙනස..
හන්තානට හඳ පායා දිළිසිච්චී
ඒ සඳ වතුර
අපි තෙම තෙම ඉහිරිච්චී
හේදී බිම වැටුනු හෙවනැලි පැටලිච්චී
ඊටත් තදින් පැටළුනු හිත් හාවෙච්චී
අහක බලන් හඳ අහසට ඉස්සිච්චී
ඒ සඳ පුපුරු වැද සියොළඟ ඇවිලිච්චී
නාඬා ඉන්ට
දෑහට අමතක වෙච්චී
හාවිය නෙවෙයි මං හඳ යට
තනිවෙච්චී
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)