Wednesday, January 25, 2012

නොලද පෙම..


අරුත සැඟවුනු
විරිත වියැකුනු
අකුරු බොඳවුනු
කවකි මියැදුනු

Wednesday, January 18, 2012

බිඳුනු කවි..

ඇසුනාද?
ඔබට..
ඒ බිඳුනු හඬ..
දෑතින්ම ඔසවා,
පොළවේ  ගැසූ කල..
ඔබ නමට පබැඳුන,
අවසාන,
කවියෙන් නැගුන..

Saturday, January 7, 2012

අම්බරුවෝ..







වදින වදින පහරට ගත පිනායා
කමත පුරා තරඟෙට දුව ඇදේයා
ගත වෙර දිය කරන් බැත කඳු සැදේයා
පුරුදු පිදුරු උරුමෙට තලු මැරේයා

Tuesday, January 3, 2012

නව වසර..


අයෙමත්..
අලුත්ම අලුත්
කැන්වසයක්..
හිත පුරා සායම්ද,
අත දැරූ පින්සල් ද,
ඇති උන්ට

Sunday, December 25, 2011

මගෙ හිත...



පොත් පිටු අතර හිරවුනු නෙත් රිදෙනවද
උඳුවප් හීත සියුමැලි ගත            දවනවද
නිදිමත ඇවිත් තනියට       තනි රකිනවද
මගෙ හිත නුඹට ඉඳහිට වත්   දැනෙනවද
Related Posts Plugin for WordPress, Blogger...