Saturday, December 1, 2018

මධ්‍යස්ථ ඌරෙක්


දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක්
හරි මැද අයිතිකරගෙන - වැජඹුනා සූකරයෙක්
වමට පය තිබ්බොත් - දකුණටත් යයි අඩියක්
උතුරට ඇවිද්දොත් - අනික් අහටත් දුවයි සැරයක්
නවතියි අන්තිමේ - හිටි තැනම ඒ උගේ හැටියක්
ගරුසරුව ඇතුව කියැවෙයි
“හා! මධ්‍යස්ථ ඌරෙක්”
අගල අසලට ආ කල - නාඳුනන වල් (ඌරු) නඩයක්
හෙලා දැක දැක දඩයම - හඬතලයි බිම උලා කුරයක්
නත්තලට අවුරුද්දට - “පෝක්” වෙනකොට අසල්වැසියෙක්
කුටුකුටු ගගා තැන තැන - යදී බොරුවට හෙණයක්
“බැන්ණනෙ මරපු කාටත්”
තිබුණත් සැරේ වෙනසක්
සියලු සූකර සිත්බැඳි
“ඌරුවාදී ඌරෙක්”
කෑමට සලාකය - ලැබෙනකොට දවසට දෙසැරයක්
වනා වනා එහි යහගුණ - වළඳයි විලස මහතෙක්
උතුරා ගිය වෙලේ - පොදු මිනිස් වැසිකිළියක්
පැනගෙන ගිහින් හැල්මේ - පැරදුවා ආ ලොකුම ගලියක්
“වෙනසක් කොහෙද කෑමේ”
නෑ කිසි උඩඟු ගතියක්
බහුතරේ (ගඳ අනුව) කීවේ
“මූ හරි සරල ඌරෙක්”
Related Posts Plugin for WordPress, Blogger...