Thursday, March 21, 2019

කිකිළි දූපත

කැලැත්තී මුහුද හුලඟට
“පචස්” ගා වදින රැල්ලට
යළිත් යළි-යලිත් දියවෙන 
බිමක් තියෙනවා...
කොට කොටා සයින් යන එන
එහි දෙපා සතුන් ගැන දැන
කිකිළි දූපතයි ඒකට නමක් කියනවා..

පහුරුගා පයින් කතිරෙට
මඟ සදා හිවල් සෙනඟට
කූඩුවේ යතුරු වැඳ වැඳ
බැතින් පුදනවා..
තටු පවා ඉතුරු නැති කොට
එක එකා මරං කනකොට
එළවලා එවුන් හනිකට
මුගටි ගේනවා ..
නැති උනත් දැමුව බිජුවක්
හොයාගෙන රවුම් කිසිවක්
‍”රකින්නට වරෙව්” හයියෙන්
කෙකර ගානවා..
මොකෑ ඔය? කියා ඇහුවොත්
විදා තටු කැහැටු පොරකටු
මරාගෙන මැරෙන රෑනක්
පොරට පනිනවා..
හෙටක් නැති උනත් කාටත්
හොටක් තියෙනවා..

Painting by Martin Cambriglia

Related Posts Plugin for WordPress, Blogger...