Wednesday, September 16, 2015

'' ඔව....ඒත්, ඒ හැම දේටම හේතුවක් තිබුණා ''



එකෝමත් එක රෑක 
'කැතම කැත' හීනෙකින් 
ඉක්මනට නැගිටින්න 
බැරි වෙලා තිබුණා 

කළු රෝස පඳුර ළඟ 
මල් පිපෙනු බල බලා 
අත් තැලූ තනි අතේ 
කටු පොකුරු අනුණා 

කාටවත් නොතේරෙන 
කවි හුඟක් ගොඩ ගසා
තැනූ වෙහෙර ට ඉබේ 
ගිනි අරන් තිබුණා 

තෙත පිටින් ඇවිළෙමින් 
දුම් නඟයි හාත්පස
ආයිමත් ඇස් වලට 
දැවිල්ලක් දැනුණා 
Related Posts Plugin for WordPress, Blogger...