Showing posts with label කවි කැකුළු. Show all posts
Showing posts with label කවි කැකුළු. Show all posts

Saturday, May 20, 2017

අරුණෝදය


සුදු වළා
රෑ ඇඳුම අතරින් 
සීතලේ එසැවුණු
අඳුරු පැහැ ගිරි තුඩු..


අනුරාගිකය
අරුණෝදය..

Wednesday, March 23, 2016

ජිවිතේ හරි රහයි!



මොනොසෝඩියම් ග්ලුටමේට්
දෝතක්ම අරගමි,

උගුරට දෙකට ගිලගමි..


සිහි නැතිවෙන්න ඉස්සර
“ජීවිතේ හරි රහයි” පවසමි!

Monday, January 20, 2014

කවි කැකුළු (5)



කඳු පෙළ මතට හවසට 
ඇද වැටෙන්නට නියමිත 
තද දම් අහස නළියන 
සරුංගලයක සුද
පෙනෙයි, 
පොත් මේසය ලඟට ..

"සරසවි දිවියේ
අවසාන දෙදවස".

Monday, November 4, 2013

පෘතග්ජන

දළ සළු ද 
කොමු පිළි ද 
විනිවිදින  ..  
උඩු හම අසල 
පරදින  ..
ඇස 
මනැස..!!! 

Wednesday, April 17, 2013

කවි කැකුළු (4)

දින දසුන 
සැහැල්ලු වෙමින්  
දින දින, 
අතහරිමින් 
පිටු  එකිනෙක 
මගේ මේසය මතට.

Sunday, November 18, 2012

කවි කැකුළු (3)


ගැස්සි ගැස්සී ගාටන,
තොරොම්බල් කරත්තය
පහුකර,
ගස්ස ගස්සා යන'යුරු,
එපුර සරනා ලියක ..

Monday, September 17, 2012

කවි කැකුළු (2)


කළු තාර
උණු වී වැටෙයි පාරට
මුහු වී පදමට
ඩහදියට
හයියට

කවි කැකුළු (1)

පින් බර අහස
මූණත් කළු කරන්,
ගල් ගසයි
පව්කාර
මගේ වහලයට

Sunday, February 5, 2012

නිදහස...

අහිමි බව,
හඬගා කියන්නට..
අහිමි කල,
තව වැනුම් කුමකට..

Wednesday, January 25, 2012

නොලද පෙම..


අරුත සැඟවුනු
විරිත වියැකුනු
අකුරු බොඳවුනු
කවකි මියැදුනු

Tuesday, January 3, 2012

නව වසර..


අයෙමත්..
අලුත්ම අලුත්
කැන්වසයක්..
හිත පුරා සායම්ද,
අත දැරූ පින්සල් ද,
ඇති උන්ට

Wednesday, June 8, 2011

නොලියූ කව...


සුදු පාට පත් ඉරුව...
වසාගත් හිස්කමම...
ලියන්නට පෙර අතුව...
කියයි කවියේ අරුත...
Related Posts Plugin for WordPress, Blogger...