සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Sunday, January 6, 2013
උත්තරීතර කවුද?
උත්තර හොයමු
කවුද වැඩියෙන්
උත්තරීතර කියලා..
පත්තර පෙරල පෙරලා
විස්තර එකතු කරලා
'උත්තම' පිරිස තර වෙන
රත් ලේ හෙමින් උරලා..
වැහැරෙන
මව් පොළොව දෙස
තත්පරයකදු නොබලා..
ඇඟ කිළිපොලන, විසාලා
විසිතුරු අතර සරලා..
පණ පිටින් ගෙදර ආ
වෙහෙස අමතක කරලා..
උත්තර හොයමු
කවුද වැඩියෙන්
උත්තරීතර කියලා..
Thursday, January 3, 2013
බැරිද, මට වෙඩි තියන්න?
අනුකම්පා විරහිත
අවසාන වෙඩිල්ලද පත්තු කර
නිසල වන තෙක් කල් මරා
සැනසිල්ලේ ආපසු හැරුණු කල..
ඊළඟ අඩිය,
තබන්නට තිබු තැන,
හදිසියෙම යළි ඉපිද,
ළදරු අතපය සොලවමින් සිටි
ආදරය.. ආයෙම දැක,
කලකිරුණු මනැසින්,
කොකා ගස්සා ගතිමි
හදවතට එල්ලකොට..
අමතකව,
අවසන් බව,
පතොරොම් සියල්ල
..
බැරිද කාටහරි
මට වෙඩි තියන්න?
Tuesday, January 1, 2013
මැකෙන්නට පෙර ලියා තබමි !!!
ලියනවා
මම කවියක්
කවදාවත් නොලියපු..
සමහර විට,
කවදාවත් නොලියවෙන
ආයෙම....
ඒ අනපේක්ෂිත
අත්දැකීමෙන්,
ගල් ගැහුනු හිත
වත්තන් කරගෙන
කොහොමහරිම,
ඉවරයක් නැති බව
දැන දැනත්,
ලියන්නම ඔනෙ මට,
දැන්මම...
මේ
පාට
දියවෙලා,
හිස් වෙන්න
පළමුව
සේරම...ආයෙම...
මැකෙන්නට කලියෙන්
මගෙ ඇස් වලින්
මාව
ම
!!!!
එතෙක්...
වෙනස් වන බව වෙසෙස් විලසින් දැන දැනත් ඔබ මතු දිනේ
තවත් ළං වී ළඟින් ඉන්නට කියයි හිත හිරවුන සෙනේ
යළිත් තනිවෙමි, එහෙත් කම් නැත එතෙක් මේ උන් විලසිනේ
බෙදාගන්නට ඉඩ දියන් මට ජීවිතේ නුඹ
සමඟිනේ
සේල් සේල්..
Thighs, Legs, Breast..
ඔනෙ නම් සතා පිටින්ම
කාගෙ වුනත්
කටට කෙළ උනවන
අළුත්ම අළුත්
තෙල් බේරෙන
කිකිළි මස්!!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)