අනුකම්පා විරහිත
අවසාන වෙඩිල්ලද පත්තු කර
නිසල වන තෙක් කල් මරා
සැනසිල්ලේ ආපසු හැරුණු කල..
ඊළඟ අඩිය,
තබන්නට තිබු තැන,
හදිසියෙම යළි ඉපිද,
ළදරු අතපය සොලවමින් සිටි
ආදරය.. ආයෙම දැක,
කලකිරුණු මනැසින්,
කොකා ගස්සා ගතිමි
හදවතට එල්ලකොට..
අමතකව,
අවසන් බව,
පතොරොම් සියල්ල..
බැරිද කාටහරි
මට වෙඩි තියන්න?
මල් හී සරකින්ද?
ReplyDelete:) :)
ReplyDeleteහිස් චේච්ච් පිස්තොලේ
ReplyDeleteලග රත් වු හිස් පතුරොම්
කොපුව
සීතල වෙලා
පා මුල
අසරණයි පිස්තොලේ
උන්ඩ නැති නිසා
අසරණයි
හිස් පතොරොම කොපුව
ගිනි ගත් වෙඩි බෙහෙත් නැති නිසා....................
අසරණයි ....
ආදරය...එම තැනම මියදිලා
(මල් වඩම් අනවශ්‍යයි)
වෙඩි තබා නසන්නට
ReplyDeleteනොහැකි වූ ඒ හැගුම
නසන්නට හැකි වේද
වෙඩි තබා ගත් සැනින???
ආයෙමත් මං අහන්නෙ,,,
ReplyDeleteබැරිද කාටහරි
මට වෙඩි තියන්න?