Sunday, June 23, 2013

දූත ගීතය



සැරද(?) මහ රජ !!

ඉතින් අප පැමිණියෙමු 
ඔබ කෙරෙහි අනු[කම්පාවෙන්]
එවූ ඇරයුම් පිළිගෙන 
දුරු කතර ගෙවාගෙන 
හොවැන්ග්හෝ නිම්නයෙන් පැන..


බය නැතුව අරගන්න 
ඕo තියෙනවා ඕනේ සේරම 
සල්ලි මොකටද දැන්මම 
පස්සේ බැරියැ පොලිය එක්කම 

මෙන්න හැලුවා මල්ල ම 
අහුලා ගත්තොත් නියම පල්ලම 
රට වැසි දනන් හැම 
තවත් හැඩ වෙයි කොන්ඩේ බැන්දම

Sunday, June 16, 2013

කිරි, පැණි හඳෙන් ම ය ..


රෑ හඳ අහසට දෑතම දිගු කර ඉල්ලපු කිරි පැණි           ඒ         බාලේ  
දෙන්න හිතාගෙන ඔන්න ගෙනල්ලලු ඇවිත් නිසා පුර පස     කාලේ 
කූඩු වෙලා පණිවිඩයක් යවපන් ඒවි හොයන් සුවඳට              ආලේ 
අරන් ඇවිත් පැණි, ගෙනෙයි යලිත් කිරි අලුත් තරුව උපදින  වේලේ

Saturday, June 15, 2013

කවි ලියන සඳ

රාත්‍රිය සිතුවමකි 
මනහර 

වැගිරෙනා සඳ 
උකුම උකු සඳ දිය 
නිරුදක සඳවතින් 
තේමා හරිමින් වට පිට 

හුදෙකලා කවියෙක් 
අකුරු ගෙන පන්හිඳට 
රටාවට අමුණයි 
පෙම් කවක 

ආදරේ සොඳුරු තැන් මතුවන..

ඇහැරින්න


ඇහැරින්න..

ඉක්මනට, 
ලඟයි දැන් 
ඊගාව නැවතුම..
බුරුල් කර 
ආසන පටිය,
ලංවුනොත් නරක ද 
දොර ලඟට 
හෙමිහිට.. 
අන්තිමට දැකපු 
හීනයේ විදියට, 
බලා ඉන්නවා 
විය හැක.. 

මල් පොකුරකුත් 
තුරුළු කරගෙන, 
හිනා වෙවී 
ඔබ එනතුරු, 
අයෙමත්,
ජීවිතය ...!!!! 

Friday, May 31, 2013

එන්න එළියට..

හතර පැත්තෙන් වටකෙරුව 
පරණ රාමුව, 
ඉස්සරහ දුවිලි ඇහිරුණු  
හීරිච්ච වීදුරුව, 
රිංගන්න බැරිනම් අස්සකින්, 
කඩාගෙන හරි, 
එළියට ඇවිත් බලන්න..
තවත් ඔතනම, 
බලාගෙන නොඉඳ..

පෙනේවි, කොයි තරම් කැත ද 
ඔය ඉන්න පින්තූරෙ 
කිලිටි වුන වට පිට 
ආයෙමත් නොහිතේවි 
මොහොතකට වත් යන්න 
ඉඩ ඇතත්, ඇතුලට...





Related Posts Plugin for WordPress, Blogger...