සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Friday, May 31, 2013
එන්න එළියට..
හතර පැත්තෙන් වටකෙරුව
පරණ රාමුව,
ඉස්සරහ දුවිලි ඇහිරුණු
හීරිච්ච වීදුරුව,
රිංගන්න බැරිනම් අස්සකින්,
කඩාගෙන හරි,
එළියට ඇවිත් බලන්න..
තවත් ඔතනම,
බලාගෙන නොඉඳ..
පෙනේවි, කොයි තරම් කැත ද
ඔය ඉන්න පින්තූරෙ
කිලිටි වුන වට පිට
ආයෙමත් නොහිතේවි
මොහොතකට වත් යන්න
ඉඩ ඇතත්, ඇතුලට...
1 comment:
Black Puma
June 1, 2013 at 10:11 AM
රාමුවක හිර වෙලා ඉද්දී ඒක තේරෙන්නේ නෑ. එළියට ඇවිත්ම බලන්න ඕන.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
රාමුවක හිර වෙලා ඉද්දී ඒක තේරෙන්නේ නෑ. එළියට ඇවිත්ම බලන්න ඕන.
ReplyDelete