පාට ගිය සිහින සලුවක එතෙමින්නේ
රෑට යහන පිට උඩුබැල්ලෙන් ඉන්නේ
ඈත ඇහෙන පියවර හඩ ලංවෙන්නේ
සීත වැඩිකමට ගැස්සී අහැරෙන්නේ
හුළඟක ඇලුණු සුවඳක ඉඟි සොයමින්නේ
දොරවල් ජනෙල් කට බලියාගෙන ඉන්නේ
සඳවල් පිරි පිරී මැරි මැරි උපදින්නේ
තාමත් කොහෙද? මොකටද? හැංගී ඉන්නේ
පංකා තටුව නිසසල බව බිඳිමින්නේ
කම්පාවෙන් වගේ දිනපොත පෙරළන්නේ
හිස් කොළ මතට දේදුනු පැහැ ඉසිමින්නේ
කවද ද ආයෙ කවියක් අරගෙන එන්නේ




