දහම් සබා මණ්ඩපයේ
කවුරුත් නෑ බණ අහන්න
ඊයේ උන්නු ටිකත් ගිහින්
කොතක ගලන කිරි බලන්න
පාට කරපු ගඩොල් පිළිම
වල රැස් දැක සාදු කියන
ඇස් මේ මහ කල්පෙදි වත්
ඇත්තට බුදුරැස් දකී ද?
නරක් වෙච්ච පින්තුරේක
දේව බ්‍රහ්ම බෝල දකින
ඇස් මේ මහ කල්පෙදි වත්
ඇත්තට දෙවියන් දකී ද ?
"සාසනේ රකිමු" දෙසමින්
බීසනේ බීජ වපුරන
හිස් මිනිසුන්, නසනු මිසක
ඇත්තට දහමක් රකී ද?
අසිරිමත් ඇත්ත දකිනට
තව අය නැති බව දැනගෙන
සැබවින් බුදු කිස නිමකළ
ගෝතම හිමි , දෙවැනි වරත්
කුසිනාරා නුවර බලා
අකම්පිතව වඩින සේක !
සුපිරිම කවක් මලයෝ. කිව යුත්ත බොහොම සැරට වදින්න අපුරුවට ලතාවකට කියලා තියනවා....
ReplyDeleteනොකියා නොසිටිය යුතුයි කියලා හිතුන නලින් අය්යේ.
ReplyDelete