සරුංගල් සමුළුවක් විය
එක් සුළං සමයෙක
මිහිපිටින් සැහෙන උසක
නයි , මොණරු , වවුලන්
නොසතුටිනි සිටියේ
උන් සැවොම ..
ගැට ගැහී හිඳුම ගැන
නූල් පොටකින් තදින්
කොලුවෙකු අතින්
කෙළවර වෙන..
ඇනුම් පද වී ඇවිත්
ඇණි ඇණී රිදුම් දුනි
වට පිටෙන් පියාඹන
කුරුළු කවි සින්දු ද..
එක මතයකට පැමිණ
බිමට බැස්සෝය හැම,
නූල් කෙටි කරවනා
කළුවරත් එක්කම..
වැව් පිටිය පෙනෙන දුර
ඉපල් තුරු අගිසි වල
ඇමිණී තිබුණි
සරුංගල් සියල්ල ම
පසුදින...!
එක් වසන්තයක අවසානය වගේ තමා
ReplyDeleteවෙනස් මාතෘකාවක් ....ලස්සනයි
ReplyDelete