ජීවිතේ දාහයෙන්
දියවෙලා වැටෙන කොට,
පණකෙන්ද රැකගන්න
සීත හුස්මක් හොයන්,
සිහිනයෙන් ඇවිත් ගිය..
දිනෙන් දින පාට වෙන
අරුම සිතුවමක් බඳු
ඒ සොඳුරු නිම්නය ට,
ගල් බොරළු, කටු පඳුරු
පවා කවියක් ම වුනු
මිනිස් කටහඬක් නැති
ඒ මිහිරි අඩවිය ට..
ඇවිදගෙන ගියා මං
එදා වගෙ පුරුද්ද ට..
හද බිමේ මඟ කියූ..
පා ලකුණු හොයාගෙන..
දෙවියනේ..
පිළිවෙලක් කරන්නට
හිතන් මගේ ලෝකය ම
උඹ උන්නු දවස් වල
රටාවට බිම ඇඳපු
ඉදල් පාරවල් මිස
එකදු පිය සටහනක්
ඉතිරි වී තිබුනෙ නැත..
:(
ReplyDelete:)
ReplyDelete