ලිවෝය
මෙතෙක් කතාව
උන්..
උන්ට ඕනෑ විදියට..
කියවන්න තබා
ළඟට ගන්නත්
බැරිතරම් ..
ගඳ ගහන පරිච්ඡේද
එකිනෙක..
පෝලිමට හිටවා
නොසෙල්වෙන්නට
අණකොට..
කටු කම්බි වියරණින්
කිටිකිටියේ හිරකොට..
බලන් ඇහැ ඇර අවට
එකම දැන්වීමකි
හාත්පස ...
විශ්වීය බසෙකින්
සිත්සතන් අමතා කියන..
ලේ කඳුළු දහදිය
උවමනා කර ඇති වග
හැරෙන්නට කැමති
ආදරෙන්..
සුවඳ තීන්ත බවට..
මෙතැන් සිට වත්
අකුරු කරනට
අපේ කතාව
ඇත්තට ම
අපිට ඕනෑ විදියට...!!!