Sunday, February 17, 2013

මොකක් දෝ අඩුවක්..

රිදෙන තරමට බිමට
ලොකු උනත් වැහි කැට
මොකක් දෝ අඩුවක් ය
පණ අදියි උල්පත

අහසෙ ඉඩ නොතියාම
ඉහිරුණත් තරු කැට
මොකක්දෝ අඩුවක් ය
සඳ නැතිව එළිය ට

අත වනයි අතු අගින්
රොබරෝසියා මට
මොකක් දෝ අඩුවක් ය
පෙති ගිහින් හුළඟට

නිදි ඇඳේ ගුලි ගැහී
හීන බැලුවත් හිත
මොකක් දෝ අඩුවක් ය
දැනෙන, ඇහැරෙනකොට







1 comment:

  1. පද වැලක ඇම්නුනද.
    හද කොනක පිපි කුසුම.
    පද පෙලක මිමිනුවද.
    සිත රැඳුනු තරු එළිය.

    වැහි පොදට මුසු වුනද.
    පෙම් සිතක ඇති මිහිර.
    තනි කුඩය යට ගමන.
    සිව් වසක දුර නොවෙද.

    කවි පොදට පෙම් බැන්ද.
    ගී සුවඳ හද රැඳුන.
    මොකක්දෝ අඩුව කිම.
    තනිකඩද පන්හිඳට

    ගීතයට පෙම් බැන්ද.
    කුමරි සිත චන්චලද.
    අඩුව නම් කරුමයද.
    තියුණු ඇණ කඳු මන්ද.

    රොබරෝසි සෙවන යට.
    සරසවියෙ පුවරු මත.
    අරඹමුද අරගලය
    අඩුව පුරවා ගන්න.

    සීත සඳ නැති රැයක.
    මීවිතක සුවඳ මැද.
    එන්න සොයුරනි පෙරට.
    අඳිමු පොල් ගෙඩි අකුරු.

    ගොඩින් අක්කර හතකි.
    මඩින් තව දහ තුනකි.
    හරකා බානද සමග.
    තවත් බොහො දෑ සතුය.

    අඩි පහට කිට්ටුවෙන්.
    හතර දික් භාගයෙන්.
    රුවැති ගුන ඇති කෙනෙක්.
    හොයයි පිට වෙනු කලින්.

    මොකද්දෝ අඩුවක්ලු
    අපේ කට ඇති පුතුට.
    සිව් වසක් තනිකඩලු.
    ඉවසන්න දැන් බැරිලු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...