Friday, September 30, 2016
Wednesday, August 17, 2016
Saturday, August 6, 2016
දූලි මල
අහු මුලු අමදිමින්
ගෙවා දැමු මුත් බොහෝ දවසක්
රන් සුණු නොලදියෙන්
සුන් ව ගිය සඳ සිහින සහසක්
මැටිකර දහදියෙන්
සොයා ගෙන ආ දූලි අහුරක්
ඉතා සියුමැලි විලසින්
අඹාගත්තෙමි රෝස කුසුමක්
ගෙවා දැමු මුත් බොහෝ දවසක්
රන් සුණු නොලදියෙන්
සුන් ව ගිය සඳ සිහින සහසක්
මැටිකර දහදියෙන්
සොයා ගෙන ආ දූලි අහුරක්
ඉතා සියුමැලි විලසින්
අඹාගත්තෙමි රෝස කුසුමක්
වීනස් දෙවොල මලසුන
පිදුනු රන් මල් කිනිති දහසක්
අතරින් තැබූ කල
මහත් වෙහෙසක කුසුම් ලකුණක්
වහා එදෙසට දිගුවී
නොබිඳි රන් වන් නොබැඳි දෑතක්
වඩාගත් සඳ මල
දැනුණි දිවමන් සුසුම් පහසක්
පිදුනු රන් මල් කිනිති දහසක්
අතරින් තැබූ කල
මහත් වෙහෙසක කුසුම් ලකුණක්
වහා එදෙසට දිගුවී
නොබිඳි රන් වන් නොබැඳි දෑතක්
වඩාගත් සඳ මල
දැනුණි දිවමන් සුසුම් පහසක්
Saturday, July 16, 2016
ඝාතකයින් අතර
“තව ගොඩක් කල් ද බං
මිඩ්වයිෆ් මිස් කියපු දවසට?
ආසයි දැකගන්ඩ
අලුත් කිරිකැටි මූණ
උඹේම ලෙයින් ඉපදෙන”
ඉක්මෙන්නටත් ඉස්සර
පළමු තුන් මාසය ද
නිතරම අසති විමසති
නොඉවසිලිකම් පාති
හිතමිතුරු වෙස්ගෙන,
ඝාතකයෝය උන්
අහිංසක විදියට හිනැහෙන
වසඟ වී ඒ බහට
කුලුඳුලේ ගැබ්දරන
ගර්භාෂ බිත්තිවල
මස් පේශි කිතිකැවෙන
කල්තියා විළි වැළඳ
ගබ්සා කළල වපුරන
“අහෝ!
කොතරම් සිනිඳු ද
මේ මූණු අත පය
මෝරාපු ඒවා වගෙ ද?”
උඩ පහළ පැද්දෙන
නිල් පාට තොටිල්ලක
නිල් පාට තොටිල්ලක
නොමේරූ ළදරු මස නිදිකර
උඩින් අතපතගගා විමසන
ඝාතකයෝය උන්
අහිංසක විදියට හිනැහෙන
“සැකයි මට නං
කෝ හුස්ම
කෝ ගැස්ම
මැරිලා වත් ද
ඉපදෙන්නටත් ඉස්සර?”
‘කුහකයෙක්’
කලාතුරකින් අහන
දත් කැඩෙනතෙක් ගුටිකා
ඉගෙනගෙන පාඩම
සදහටම ගොළුවෙන
කුණු ගඳ නැගී එන සඳ
සැණින් මළකුණු හංගන
මොකුත් උනේ නැතිගානට
අහිංසක විදියට හිනැහෙන
ඝාතකයෝ ය උන්
අප අතරේම ගැවසෙන
අද අදම
හෙට වනසන!
Tuesday, May 31, 2016
Subscribe to:
Posts (Atom)