පමා වූ අලුයම
මැරී වැළලුණ දවසක
කොහේ හරි ගුලිවී
හීන තොල ගෑ හවසක..
බඹර තුඩගක පැටලී
ඇඟිලි ඉදිමුණ මොහොතක
පන්හිඳ ඉකි ගැසූ
කඩදාසි කඳුළු බිව් යුගයක
කෙළවර උදාවිය
පමා වූ අලුයම
පෙරඹර සුරත් පෑ ගෙන
ගලාගෙන ආ උණුහුම
හපා කොටකර මිස
කපා නැති , මතක ඇති දවසක
හිනා වෙයි සුදු මල්
වැවී එන නිය අහුරක
//කොහේ හරි ගුලිවී හීන තොල ගෑ හවසක..//
ReplyDeleteසුපිරියි.......
thuthi !!!
ReplyDeleteසංවේදී පැදි පෙළක්..
ReplyDelete