Sunday, July 28, 2013
හරි පුදුම හිර ගෙදර
අසිරිමත් නිමැවුමකි,
කලක් තිස්සේ තනා
ළඟක දී වැඩ නිම කල..
වැට කඩොලු
මුර කපොලු
මහ පවුරු,
නිදහස් මතින් නළියන
'නැහැදිච්ච' උන්ට
විතරක්ම පෙනෙන
සිරගත බවක් නොම දත්
මිලියන ගණන්
රැඳවියන්,
බරපතල වැඩ අතර
ලැබෙන මද ඉසිඹුවේ
දෙන දෙයක් වළඳන්න
තැටි අරන්
හැඳි අතැති අය සොයා
පෝලිමේ ගාටන
මායිම් වෙරල අසබඩ
ලෝකෙටම පෙනෙන උසකින්
මහ පුවරුවක ලියවුන
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ"
යන වග...
නොපිපි මල සොයා
පිපෙනු පින් මඳ වුවද උපන් දූපත මත
ඉඩ හසර කොතරම් ද මේ විසල් මිහිකත
එන දිනෙක සුවඳ අරගෙන වඩින හදවෙත
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත
ෆුජි කඳු මුදුන ඈතින් පෙනෙන මානෙක
ඇවිලෙනා වැලි කතර ක්ෂේම බිම් හෙවනක
යකඩ අයිෆල් ඇසට අසුවනා නගරෙක
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත
ඇලවෙනා කුලුන අසබඩ ගෙවතු උයනක
සොඳුරු වැසි වනපෙතක ඇස නොගැසි පෙදෙසක
තණබිමක ගොපළු ගී ඇසෙන ගං ඉවුරක
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත
තටු හැලී කුරුළු හද මියෙන තුරු දවසක
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත
Friday, July 12, 2013
Subscribe to:
Posts (Atom)



