සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Monday, June 13, 2011
නර"පණුවෝ"
ඔසවන තුරුණු ගත ගෙන දී වෙර බෝම
කොඳුඇට එකින් එක හෙමිහිට නොදැනීම
හොරු ගෙන යතත්, හුරු වී ඇත නිදියෑම
බිහිවෙයි නියම නර "පණුවන්" නුදුරේම
මෙරු ඇවිත්...
තටු දුන්න පොළව අතහැර
උඩයන්න ඇදෙන මෙරු රැල
නවතන්න ලිහිණි තුඩු හැර
පියඹන්න එන්න සුමිතුර
පිනට ලබුනු තටු දිග හැර
වියරු ලෙස නගන පෙළහර
කරනු උන් ගමන කෙළවර
නුඹට තව කුමට අවසර
Sunday, June 12, 2011
සුදු නෙලුම...
පිනි පොදට තෙමි තෙමී,
පිපුනු හිමිදිරියේම...
සුදු නෙලුම තව හැඩයි,
පෙති මලට ඇලුනාම...
පෙඟුනු පෙති තුඩු අගින,
මල් කෙමිය පෙනුනාම...
සිඹින්නට හිත කියයි,
මලට වත් නොකියාම...
Wednesday, June 8, 2011
නොලියූ කව...
සුදු පාට පත් ඉරුව...
වසාගත් හිස්කමම...
ලියන්නට පෙර අතුව...
කියයි කවියේ අරුත...
Tuesday, June 7, 2011
නිදන ඇස...
කිසිදා නොනගිනා මුත්
පුර හඳ අහස...
කිසිවෙකු නොහඳුනන මුදු
සුසුමක පහස...
කිසිලෙස එලි නොවන සිහිනෙක
නිදන ඇස...
කිසිවිට අවදි නොකරමි
තව නිදනු මිස...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)