කවියාගේ පෙම්වතිය
"රට වටේ ගෑනුන්ට"
ඔහු ලියන පද වැනුම්
ඉරිසියා නැති ඇහෙන් බලන්නී...
වතාවක් ඈ නමට
ලියා එවූ පද හතර
රන් පිඩක් සේ තවම රකින්නී...
ගටගැහුණු , පටලැවුණු
අකුරු එකිනෙක ලිහා
එළිවැට ලඟින් පෙලට තබන්නී...
ඉඩ පිරුණු, ලොකු හිතක
නිදහසේ ඇවිදිමින්
සැලමුතු පෙමක මිහිර විඳින්නී..
ලස්සන නිර්මාණයක් සද,
ReplyDeleteඇත්තට ම ලස්සනයි. නියම කවියක්. ලස්සන සිතුවිල්ලක්. ඔබේ කවි හරිම ලස්සනයි. අපේ බ්ලොගයේ ඔබේ අඩවියට ලින්ක් එකක් දෙන්නම්.
මේ පාරෙන් හැමදාම එන්නම්.
එසේ නම් ඇය කවියා ගේ සිත හරියට ම හඳුන ගත් තැනැත්තියක්....
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට! ප්‍රතිචාරයට සහ සබැඳියක් ලබාදීම ගැන. බ්ලොග් එකේ ලිපිනය දෙන්න මට. දිගටම මේ පාරෙන් එන්න ..
ReplyDeleteඑවැනි කවියෙකුගේ බිරියක් වේනම් මනරම්ය. තෝල්සිතෝයිට හිටියෙත් මහා බයංකාර බිරින්දෙක් නෙව..
ReplyDeleteපළවෙනි දේ තමයි අමාරුම, මම හිතන්නෙ..
ReplyDelete