පොතේ හැටිය ට
කබුකි , නෝ නැතුවට
වලේ නළුවක රසින් ඉපිලී
රිදෙන තුරු තැලුම ට
අපට අත්පොඩි තිබුනා
කඩදාසි ලන්තෑරුම් වල
මද මුදු එලිය නැතුවට
තුරු වියන අතරින් පෙරී ආ
ලස්සන ම හඳ රැස් බිංදු
පොළොන්නරුවට වැටුනා
පසුබිමෙන් ස්වර වැයෙනා
අවන් හල් වල කෝපි නැතුවට
නුවර ටවුමෙ දි තිබහ දැනුන ම
සීත කෝලා පෙන කැට
අපේ තොල කට තෙමුවා
"ඉක්මනින් හොයාගන්න
ඔයාට ගැලපෙන කෙනෙක්,
පුරුදු වෙයි නැත්තන්
නරක දේවල් වලට "
පොතේ නැති දෙබසක්
ඈ අන්තිමට කිව්වා
"සකේ" උගුරක ට
"ගේෂා" ගීයක ට
උඹේ අඩුව පුරවන්න බැරි බව
මං දැනන් හිටියා
එත් නොරිකෝ
ඒ "නරක" දේ වලින්
පොඩ්ඩකට හරි
රිදෙන හිත හිරි වැටුනා ..
බුදු අම්මේ මේ පෙට්ටිය තියෙන තැන. හරියටම පෙට්ටිය තියෙන්න ඕන තැනම තියෙනවා වගේයි.. හැක්..
ReplyDeleteඒත් මේ ඒ නොරිකෝ සං නෙමෙයි..
පොළොන්නරුවට කොහින්ද සකේ? එහෙ තියෙන්නෙ වෙල් සකේ නේ....
ReplyDeleteදෙශකයා - ඔන්න ඇත්ත නොරිකෝ ව ම දැම්ම >
ReplyDeleteරාගමයා - ඔය පොලොන්නරුව තියෙන්නේ පේරාදෙණියේ . :)