සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Friday, June 28, 2013
පසුතැවිල්ල
ගෙනියන්න බැරි නිසා
ඉහ තියන් යනෙන තැන
රහසේම හංගලා තියපු..
හෙමි හෙමින් කලු ගැහෙනු
පෙනෙයි කවුරුත් නොදක
රිදී රුව මං හිතින් නෙළපු..
රත්තරන් හරි ගණන්
හිතන්නත් බැරි තරං
සුකුමාර අත් වලම නිදපූ..
මත්ව සිතිවිලි මතින්
ඉහ බමණ වෙලාවක
මැටි වැඩක මහත පෙර කරපු.
ජිවිතයට ඉඩදෙමි
රෝස මහනෙල් වතුසුදු
රොස් පරොස් යලි නොඅසමි
රෑට විතරක් සුපිපෙන
රෑ කුමාරි ට ලං වෙමි
ගිමන් අහසින් මොර දෙන
පවන් මිස වැසි නොපතමි
ලවන් පවසින් නළියන
පැලෙන්නට ඉඩ නාරිමි
සොයන් සිහිළක් තැන තැන
පයින් යන සිත කැදවමි
හීතලට පෙන පුපුරණ
වීදුරුව තුල ගිල්වමි
Sunday, June 23, 2013
දූත ගීතය
සැරද(?) මහ රජ !!
ඉතින් අප පැමිණියෙමු
ඔබ කෙරෙහි අනු[කම්පාවෙන්]
එවූ ඇරයුම් පිළිගෙන
දුරු කතර ගෙවාගෙන
හොවැන්ග්හෝ නිම්නයෙන් පැන..
බය නැතුව අරගන්න
ඕo තියෙනවා ඕනේ සේරම
සල්ලි මොකටද දැන්මම
පස්සේ බැරියැ පොලිය එක්කම
මෙන්න හැලුවා මල්ල ම
අහුලා ගත්තොත් නියම පල්ලම
රට වැසි දනන් හැම
තවත් හැඩ වෙයි කොන්ඩේ බැන්දම
Sunday, June 16, 2013
කිරි, පැණි හඳෙන් ම ය ..
රෑ හඳ අහසට දෑතම දිගු කර ඉල්ලපු කිරි පැණි ඒ බාලේ
දෙන්න හිතාගෙන ඔන්න ගෙනල්ලලු ඇවිත් නිසා පුර පස කාලේ
කූඩු වෙලා පණිවිඩයක් යවපන් ඒවි හොයන් සුවඳට ආලේ
අරන් ඇවිත් පැණි, ගෙනෙයි යලිත් කිරි අලුත් තරුව උපදින වේලේ
Saturday, June 15, 2013
කවි ලියන සඳ
රාත්‍රිය සිතුවමකි
මනහර
වැගිරෙනා සඳ
උකුම උකු සඳ දිය
නිරුදක සඳවතින්
තේමා හරිමින් වට
පිට
හුදෙකලා කවියෙක්
අකුරු ගෙන පන්හිඳට
රටාවට අමුණයි
පෙම් කවක
ආදරේ සොඳුරු තැන් මතුවන..
ඇහැරින්න
ඇහැරින්න..
ඉක්මනට,
ලඟයි දැන්
ඊගාව නැවතුම..
බුරුල් කර
ආසන පටිය,
ලංවුනොත් නරක ද
දොර ලඟට
හෙමිහිට..
අන්තිමට දැකපු
හීනයේ විදියට,
බලා ඉන්නවා
විය හැක..
මල් පොකුරකුත්
තුරුළු කරගෙන,
හිනා වෙවී
ඔබ එනතුරු,
අයෙමත්,
ජීවිතය ...!!!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)