Sunday, March 31, 2013
Saturday, March 30, 2013
Monday, March 25, 2013
නුඹට කියන ගී..
ගලන සරසවිය අස්සෙන්
රහස් කියන දොළ පැත්තෙන්
පළා ගිරා ගීයක් ගිලි ගිලී මතුවෙනා..
දියේ පෙණ කැටිති හරියට
නුඹේ හසරැළිති වගේම ය
උනුත් කියනවා අහපන් ටිකක් නැවතිලා..
පිණිත් එක්ක හරි හරියට
කුසුම් පෙති වහින හවසක
උඹත් තෙමි තෙමී එනව ද මගෙත් එක්කලා..
හිතේ ඇවිලෙනා හිතිවිලි
තොලින් ගෙන සීත කොපුලත
තියන්නට, දෑස් වහපන් ටිකක් නැවතිලා..
Saturday, March 23, 2013
Wednesday, March 20, 2013
Sunday, March 17, 2013
මත්තල ජන කවි සංවාද..!
කැලේ කොලේ කකා නොඉඳ
රෑන පිටින් ගමට වදින
අලි සෙල්ලං නවත්තන්න
වැටක් තනන්නෙයි?
දෑත සත්තිමත් කොරාපු
පිනට අපේ ගමට වඩින
ශ්වේත හස්ති රජුට ඉන්ඩ
ගාල තනඤ්ඤයි!
යකඩ කුරුළු පාර මැදින්
කහ ඉරි නොබල ම පනිනා
නාඹර සියොතුන් ගස් බැඳ
මට්ටු කොරන්නෙයි?
හේන් රකිනු තවත් මොටද
එදා ඉඳන් කල විදියට
අපි ඇවිදින් කුලියට
සකලයන් අඹඤ්ඤයි!
රට ජාතිය බේර ගන්ඩ
අපේ වරිගෙ බෝ කරන්ඩ
රෑ පුරාම පහන් නිවාගෙන
දත කන්නෙයි?
රෑන පිටින් ගමට වදින
අලි සෙල්ලං නවත්තන්න
වැටක් තනන්නෙයි?
දෑත සත්තිමත් කොරාපු
පිනට අපේ ගමට වඩින
ශ්වේත හස්ති රජුට ඉන්ඩ
ගාල තනඤ්ඤයි!
යකඩ කුරුළු පාර මැදින්
කහ ඉරි නොබල ම පනිනා
නාඹර සියොතුන් ගස් බැඳ
මට්ටු කොරන්නෙයි?
හේන් රකිනු තවත් මොටද
එදා ඉඳන් කල විදියට
අපි ඇවිදින් කුලියට
සකලයන් අඹඤ්ඤයි!
රට ජාතිය බේර ගන්ඩ
අපේ වරිගෙ බෝ කරන්ඩ
රෑ පුරාම පහන් නිවාගෙන
දත කන්නෙයි?
බල සත්තිය පිරිමහන්ඩ
අපේ යුතුකොම ඇත කොරන්ඩ
එළි වෙන තුරු හීනෙන්
සුර ලෝකෙ බලඤ්ඤයි!
අපේ යුතුකොම ඇත කොරන්ඩ
එළි වෙන තුරු හීනෙන්
සුර ලෝකෙ බලඤ්ඤයි!
අලි නැට්ටේ ළඟදිම අපි
ඒ ලොව යඤ්ඤයි!
Tuesday, March 12, 2013
නුඹෙ සිනහව
එදා මෙදා දුටු සොඳුරුම සිනහව
සැලී දෙතොල් මල් ඉහිරෙන සිනහව
හිතේ අඳුරු මුළු පුරවන සිනහව
දුරින් ඉඳන් දැක සැනසෙන සිනහව
දුරින් ඉඳන් දැක සැනසෙන සිනහව
නිදා වැටෙන ඇස් ඇහැරන සිනහව
එතී වෙළී ගත පැටලෙන සිනහව
අගේ නොකර හිනැහෙන සුදු සිනහව
මගේ නොවන පිවිතුරු මුදු සිනහව
මගේ නොවන පිවිතුරු මුදු සිනහව
සළා දෙබැම හැඩ, නළියන සිනහව
බලා ඉන්න හිත පොරකන සිනහව
නෙලාගන්න බැරි නෙළුමක සිනහව
සදාතනික සිහිනෙකි ඔය සිනහව
Monday, March 11, 2013
Saturday, March 9, 2013
Sunday, March 3, 2013
" මම තවම පණ පිටින් "
හිස්ව ඇති බව දැනුනි
දිවි බඳුන..
පතුල කැලතූ කල
හසු නොවුන විට,
මිහිදන් සිහිනයක
දිරාපත් ශේෂයක් වත්,
කාන්සිය දැනෙන විට
අතට ගෙන හුරතල් කල
ආත්මය විනිවිදින
තියුණු වේදනාවකි
විදුලියක් සේ ඇදී ගිය
හදවත දෙසට..
දබරැඟිලි තුඩගින්
රක්ත ලේ බිඳුවක්
ආයාසයෙන් උණා විත්..
ඇමිණී තිබූ
රෝස කටු පොසිලය
පොඟවමින් තිබුනි..
ප්‍රමුදිත සිතින්
ලියා තැබුවෙමි
කලකින් නොලියූ දිනපොතෙහි
අද දිනට අයත් පිටුවේ
පොල් ගෙඩි අකුරෙන්
" මම තවම පණ පිටින් "
Subscribe to:
Posts (Atom)