ආයෙමත් අවසාන වතාවට
ගියෙමි මම, නෙළන්නට ඒ කුසුම
ඈත ගිරි දුර්ගයේ මුදුනත
පිපී තිබෙතැයි යළිත් සැලවුණ
හමන සුළඟට සෙමෙන් රඟ දෙන
ළකල් පැහැයෙන් සදා සුදිලෙන
හාත්පස මුදු සුවඳ ඉහිරන
නිමල තිළිණයක් බව කියවෙන
හීතලෙන් හිරි වැටුණු,
දෑත් ලේ උනවන..
කවි ලියන කටු පෑන,
තීන්තෙන් පුරවන..
කට කතා හිත දරා,
එ මල ගැන පබැඳුණ..
දිවිතුරා ළඟට ගෙන
හැඩ බලනු රිසියෙන..
ළං වුණෙමි අවසන,
ඩහදියෙන් පෙඟුණු හිත අරගෙන,
උස් ගිරෙගි, මල් පිපෙන මුදුනට..
දෑත දිය කඳුරකින් පිස හැර,
පා තැබූයෙමි සෙමෙන්,
ඒ කියූ තුර වෙත..
දුර තියා දුටුවෙමි,
හිස් වියළි මල් නටුව..
කොළ හැලුණු අතු කෙළවර,
උපහස් මුවින් බලා හිනැහෙන..
එන ගමන් පල්ලම් බැස,
ඇණවුමක් දී ආවෙමි,
කපා මිටි බැඳ සැදූ,
ඇන්තූරියම් මිටකට..
පුරවනා පිණිස,
හිස් බඳුන එක් දිනකට..
පරවෙන්නටත් කලින්,
දමමි කුණු බඳුනට..
ඉඩ සදා,
දිනපතා,
අලුත් මල් ටිකකට..
hmmm හරිම අපුරුයි
ReplyDeleteජය වේවා කිව්ව !!! මරුවටම ලියල තියෙනව
ReplyDeleteහීතලෙන් හිරි වැටුණු,
ReplyDeleteදෑත් ලේ උනවන..
කවි ලියන කටු පෑන,
තීන්තෙන් පුරවන..
කට කතා හිත දරා,
එ මල ගැන පබැඳුණ..
දිවිතුරා ළඟට ගෙන
හැඩ බලනු රිසියෙන..
මේ පද ටිකේ පුදුමාකාර අපූර්වත්වයක් දැක්කා....සුභපතනවා දිගටම කවි ලියන්න
අදමයි මේ පැත්තට ආවෙ දිගටම එන්න ඒ කවිය හිතට වැදුණා...ආයෙමත් එනවා කවි බලන්න....
බොහොම ස්තූතියි!! හැමොටම දිගටම කියවන්න ආරධනා!!
ReplyDelete