දවස මියැදෙන හවස අඳුර මැද
මග බලමි පමා ඇයි සොඳුර අද
ඇවිත් යහනට වැදී පුරුදු ලෙද
මුදු අතින් මගෙ දෙනෙත් වහනවද
සුමුදු තොල් පෙති අගින්,
ලෙහි සුසුම් හෙමි හෙමින් උරනවද
තව තව තදින් වැලඳ,
හීන ඇහිපිය යටින් තියනවද
සදා එලෙසම ඉන්න,
නොයා හෙට උදයෙන්ම,
දමා තනිකර නපුරු එළිය මැද..
හැකිද නිදි දෙව්ලියේ කියනවද..
ලස්සනයි!
ReplyDeletethankx!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනෙත් අතරේ සැඟවුනු
ReplyDeleteතව රුවක් ඉන්න කල
කෙසේ පිවිසෙම්ද ඔබේ
නෙතු පියන් යටට මම
ලස්සන කවියක්.. :)