ගලා යන ගං දියෙන්, එකම එක දෝතක්..
ගත්තාට මක් වේ ද,
පොඟවන්න,
දාහයෙන් ඉරිතැලුණු දෙතොලක්...
බූලි කලගෙඩි පුරන, සෙනඟ අතරින් මිදී,
සොයා සැරි සැරූවෙමි,
බොර නැති දියත්තක්...
දෝතින්ම ලඟට ගෙන,
සිහිලැති දිය පතක්...
සිහිලැති දිය පතක්...
තෙමා හැරියෙමි පවස, ගෙවී යන්නත් කලින්,
මොහොතකින් මොහොතක්...
ඉතිරිය අතැර, ගං දිය මතට ආයෙත්...
ගොඩ වුනෙමි පහු කරන්,
තවම තොටුපළ අසල, බඳුන් දිය පුරෝනා,
පිපාසිත මිනිස් රූ දහසක්...
No comments:
Post a Comment