සඳ පහන...
සයිබර් පොතේ...කවි පිටුව...
Tuesday, July 26, 2011
සිහින තාරකාවී....
ආවත් හීනයට පමා වී
දී මුදු එළිය හිත නිවාවී
මා නෙත කඳුලු පිස හිනාවී
ආදර සිහින තාරකාවී
අතරමන් වී දිවි කතර මැද
හසර නොම දැන අසරණව හිඳ
දිලෙන පෙරමඟ තරු ලකුණු මැද
පෙරට ඇදෙනෙමි අඳුර සිඳ බිඳ
ක
ලා පිරුණද නුරා සඳවත
අරා නුඹකුස අමාවක නැත
සදා එක ලෙස දිලෙන තරු නෙත
මට අගෙයි ඒ සොඳුරු එළි තිත
Friday, July 15, 2011
අනාගතය ඇවිල්ලා...
අතීතය අළුකරන්
නාඳුනන හෙට අරන්
ගුරු ගෙදර දොර ඇරන්
ඇවිත් හිත අවි දරන්
කඳවුරෙන් තිලිණදුන්
පාට කන්ණාඩියෙන්
බලයි උන් කී ලෙසින්
පෙනුම බොඳවූ ඇසින්
මිදෙයි තුරුහිස් මලින්
ගොලුයි සියොතුන් මුවින්
හන්තාන කඳු හිසින්
හමයි සුසුමක් හෙමින්
Monday, July 11, 2011
පන්හිඳක කඳුලු...
හැරදා සිහින දැවටුනු නෙතු පුරාවට
ගියදා සිහින දෙව්දුව යලි විමාමෙට
ගැලුවා පන්හිඳෙන් කඳුලැලි රටාවට
මැවුනා සොඳුරු කවි පත් ඉරු පුරාවට
Friday, July 8, 2011
මනමේ කථාවක්..
කරලියට කිසි විටෙක නොපැමිනි
වැදි රජුට හද බැඳී සෙනෙහෙනි
කුමරියද රඟහලෙන් නික්මිනි
අහෝ වනමැද කුමරු තනිවුනි
Wednesday, July 6, 2011
ඔබ එන්න...
අඳුරු වුනු හිත් අහස
එළිය කර දිළිහෙන්න
තරු පොකුරු මට කුමට
සඳ මඬළ වී එන්න
තෙත හිඳුනු හිත් පතුල
සෙනෙහෙ දිය පුරවන්න
මල් තුහින මට කුමට
මහ වැස්ස වී එන්න
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)