තුංග ගිරි සිකරයෙහි
අඩක් දුර නැඟුන තැන
විසල් තැනි බිමක් වෙයි
හරිත පැහැයෙන් නිලන
වඩා වෙහෙසක් නැතිව
කඩාගෙන කනු පිණිස
අතේ දුර ඉදී ඇති
නොදත් නෙක පළවැල ය
බෑවුමෙහි අගට විත්
පහළ බැලුවොත් කෙළින්
අතැර ආ පෙදෙස් වෙයි
කාකි පැහැයෙන් දැවෙන
කුහුඹුවන් තරම් වෙන
මුහුණු හඳුනනු නොහෙන
මිනිස් හැඩ කඩිසර ව
පොළොව හා යුදවදින
සිහිව පුංචි ම දවස්
පපුව හිරවෙන විටෙක
නොකෑ ගෙඩියක් දෙකක්
අත්හරිම් ඒදෙසට
අත්හරිම් ඒදෙසට
බේරිලා මට මගෙන්
හදාගනු පිණිස හිත
කුඩා මිනිසුනි ඔතැන
ඔහොම්ම ම හිඳිනු මැන
ලස්සන කවියක්
ReplyDeleteස්තුතියි !
Deleteලස්සනයි...........
ReplyDeleteතුති!
Deleteමේක ඉතාම අගේ ඇති කවියක්!!
ReplyDelete