තොග ගනන් මිනිස් - හිස්
පණපිටින් තම්බන
බම්බු අස්සෙන් විදින
හුමාලෙට හුලඟකැ'යි පැවසෙන
උයන් බැම්මෙන් එපිට
ඇස් ඇර බැලූ වරදට
කාරා ගැසූ කෙළ තලි
පිපි එන මල් මුහුණු මතුපිට
පල් දියෙහි රැලි මතුකොට
ඉබාගාතේ පීනන
හංසයෝ ගිල දැමූ
පණුවන්ය - නර දුගඳ නොදැනෙන
දියපට්ට මතුවුණ
පස්සාපැති පෝලිමේ අරගෙන
බොහෝ සක් දෙවිවරු
ඉස්පිරිතාල ගතකළ
මේ සා විකල් නගරෙක
බේරාගන්න හදවත
නිකං ම කවියෙකුට
කොතෙක් වැයවිය හැකි ද මධුවිත
එදා ලින්ක් එක ඉල්ලගත්තට ඒක සේව් කරගෙන නෙමෙයි ඩිඇක්ටිව් කළේ.. බ්ලොග් එක හොයාගන්න බැරුව හිටියා. ඒ පැත්තෙ ආවට ස්තූතියි..)))
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා සඳපහන යටට!
Deleteහිතාගන්නවත් බෑ තරම....
ReplyDelete//බම්බු අස්සෙන් විදින හුමාලෙට හුලඟකැ'යි පැවසෙන// පට්ට.........
supiri
ReplyDeletethuthi !
ReplyDeleteලස්සනයි..
ReplyDelete