ඉඩ ඇත ...
මේ සීත මැදියමේ වුව
සිහිනෙන් දොඩන කොවුලෙකු
ඉමිහිරිම ස්වරයෙන්
ගීයක් ගයන්නට ඉඩ ඇත
වාලුකාවට ඉහළින්
පාලු අහසේ ඇවිදින
තද හිතැති මේ කුලට ද
ඉකිගැසී ඇඬෙන්නට ඉඩ ඇත
නින්දත් නොනින්දත් මැද
සියුම් ඉඩකඩ අතර
කල්පයක කල්පනා
සිරකරගන්න ඉඩ ඇත
අද හෙට ම නොවුනත්
අනිද්දා දවසක
ප්‍රේමය පවා මුහුණට
මුණගැහෙන්නට ඉඩ ඇත
Amazingly touching !
ReplyDeleteනිර්මාණය අගෙයි
ReplyDeleteසුන්දරයි අයියේ .නුඹට ජය
ReplyDelete