සුබ පැතුමකට පුළුවන් ද 
සුව කරන්නට රිදුමක් 
ඇද අකුරකට නැති වෙයි ද 
ඇස පිසින්නට වරමක් 
තරු ඇබින්දකට පුළුවන් ද 
විනිවිදින්නට කළුවක් 
රෑ ගෙවෙන්නෙ ම නැති වෙයි ද 
හිත හදයි ලොකු බොරුවක් 
නග්න පය වැද පෙරලී 
භග්න වුනු හද බඳුනක් 
ලස්සන ම මල් අහුරක් !
ඒ, කල් ඉකුත්වුණු පැතුමක් 
ඇත්ත ..... මම වැරදියි 
අමතක වුණා මොහොතක් 
'ආදරේ' කියන්නෙ ම 
ඉරිසියාබර ගණුදෙනුවක් 
අත්මිදෙන්නට බැරිකම 
අත්දැකීමෙ ම කොටසක් 
අත් ඇලුන හැටි දැක්කම 
අත්තලයි පණ අදින පපුවත්  
අත්සන තියන දවසට 
අත් ඇරෙයි එක නමක් කොහොමත් 
අතින් ගත් රළු සුමුදු එ දෙඅත්  
අනවසරයෙන් ඉඹිමි තාමත් ! 
 
ඉටැලික් ග්‍රීක්..
ReplyDeleteග්රීක් ඉටැලීක් !
ReplyDeleteඅත්තලයි///
ReplyDeleteමේ කියන්නෙ මොකද්ද ප්‍රසාද්....
අපුරුයි කවිය...
ජයවේවා
මහේෂ් , අත්පොළොසන් දෙනවා කියන අදහසිනුයි ඒ වචනේ පාවිච්චි කලේ .
ReplyDelete