දුනු ඊතල කෙටේරි ගෙන අවම බලය පෙන්නා 
දර්ම චක්‍ර වැදි පිරිවර හංදි ගානේ උන්නා 
සොයාගෙන මිනිස් ඉස් ගෙඩි හී සැර ඉගිලෙන්නා 
අලුත දැමූ කාපට් පිට උණු ලේ ඉහිරෙන්නා 
අම්මලාගෙ කඳුලු වලට ගම් බිම් යට වෙන්නා 
රක්ත තප්ත පඬුපුල ලඟ දෙය්යො ගිනි තපින්නා 
වසී බෝල අතේ තියන් මිහිඳු බණ අහන්නා 
හාව අරන් පොසොන් හඳත් තිසා වැවට පැන්නා

