නායේ ගියපු පොත් කන්ද ට
යට වී නොමැරී තිබුන ද
තැලී සව් පතක් තරමට
තුනී වෙලා ඇත හදවත
හැඩ තල හැම සමතල වී
ගනකම අඩුවී හොඳටම
පැතලි වෙලා ඇත හදවත
ගිනියම් හුළඟට පැටලී
තෝන්තු වී ඇත හදවත
වසා අඩ අඳුරු කුටිය ම
උඩුබැල්ලෙන් නිදි හදවත
.............
සත් කුළු පව් තරණය කර
ඔබ දැන් පැමිණිය යුතුවැත
සිලිටි දෙපා කඩිනම් කොට
සැනෙකින් පැමිණිය යුතුවැත
සත් සමුදුරු දිය පිහිනා
ඔබ දැන් පැමිණිය යුතුවැත
කිඳුරු වරළ රළ සලමින්
සැනෙකින් පැමිණිය යුතුවැත
බුහුටි ඇඟිලි තුඩු දිගහැර
අත්ලට අරගත යුතුවැත
හදක හැඩය යළි මතුකොට
පණ නල තැවරිය යුතුවැත
ඉන්පසු එහි උපදින කව
මා හා විඳ ගත යුතුවැත..
හුලං ටිකක් පුම්බපං.. හැක්.. එළ කවිය...
ReplyDeleteතැන්කු ! :P
ReplyDeleteනියමයි අය්යා, අයෙමත් කවිපොතක් එහෙම ගහන්නේ නැද්ද ලගදි..?
ReplyDeleteම්ම්ම්ම්ම් බලමු මල්ලි...
ReplyDelete